අමෙරිකාවේ දෛනික බුද්ධි තොරතුරු ඇතුළු ආරක්ෂක තොරතුරු එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට දැනගැනීමට ඇති නිල අවසරය අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
දුර්වල මතකයක් ඇති හිටපු ජනපති බයිඩන්ට අමෙරිකාවේ රහසිගත තොරතුරු දැනගැනීමට අවශ්‍ය නොවන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
ජෝ බයිඩන් ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ට්‍රම්ප්ට ද එවැනි තීරණයක් ගෙන තිබෙනවා.