Friday, September 20, 2024

General line - 0115112241

ගමන් බිමන් නවත්වන්න! බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්




බංග්ලාදේශයේ ජීවත් වන ශ‍්‍රී ලාංකිකයින් ඉදිරි දින කිහිපයේදී වඩාත් අවධානයෙන් සිටිය යුතු බව එරට වැඩබලන ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් දැනටමත් දැනුවත් කර ඇති බවයි.

බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි ආපනශාලාවට ඉකුත් දා අයි.එස්. සංවිධානයෙන් ප‍්‍රහාරයක් එල්ල වුණා. එහිදී IS සටන්කාමීන් විසින් ප‍්‍රාණ ඇපයට ගැනීමෙන් පසු බේරාගත් පිරිස අතර ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද සිටියා.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී බංග්ලාදේශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු බවත් මේ වන විට බංග්ලාදේශයේ පවතින උත්සව කාලසීමාව තුළ ගමන් බිමන් මගහැර සිටින ලෙසත් වැඩබලන මහකොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය ප‍්‍රකාශ කළා.