Sunday, April 28, 2024

General line - 0115112241

මස් වැද්දාට ලෙඩක්! වෛද්‍යවරයකුට පෙන්වන්නැයි පියාට උපදෙස්



නකල්ස් ලෝක උරුම වන බිමෙහි ජීවත්වන සතුන් සිය ගණනක් වසර කිහිපයක් තිස්සේ දඩයම් කරමින් සිටි සාද් ශරාෆ් ඇතුළු කණ්ඩායම මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය.

මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය වූ ඡායාරූප මීට වසර 5ට එහා කාල සීමාවන්හිදී ලබා ගන්නා ලද ඒවා බවයි පොලිසිය පවසන්නේ. අදාල සැකකරුවන්ගෙන් කොපමණ කාලයක් කොපමණ සතුන් ප්‍ර‍මාණයක් දඩයම් කර ඇත්දැයි ප්‍ර‍ශ්නකර නැති මුත් වසර ගණනාවක් තිස්සේ වන සතුන් විශාල ප්‍ර‍මාණයක් මෙම පිරිස විසින් දඩයම් කර ඇති බවයි පොලිසිය පවසන්නෙ.

සාද් ශරාෆ් මෙලෙස සතුන් ඝාතනය කිරීමට ඔහුට ඇති කිසියම් මානසික රෝගයක් බලපාන්නට ඇතැයි විශ්වාස කරන පොලිසිය, සාද් ශරාෆ් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසට ඔහුගේ පියාට උපදේස් දී ඇතැයි වාර්තා වනවා.