Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිගේ නිල වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප‍්‍රහාරය ගැන පරීක්‍ෂණ




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත ව්‍යාජ ලෙස වෙනස් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ නිලධාරීන්ගේද සහාය ඇතිවයි.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඉකුත්දා සයිබර් ප‍්‍රහාරයක් එල්ල වුණා.

මේ වනවිටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්‍ෂක ප‍්‍රධාන ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ.