Friday, September 20, 2024

General line - 0115112241

සරුංගල් නිසා අධිවේගයේ ගමන් අනතුරක




සරුංගල් හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන රියදුරන් අවදානමකට ලක්ව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඇතැම් අවස්ථාවන්වලදී සරුංගල් අධිවේගී මාර්ගය මතට කඩා වැටීම නිසා රියදුරන් අපහසුතාවට පත්ව ඇති බවයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් කළමණාකරණ අධ්‍යක්‍ෂ එස් ඕපනායක මේ සම්බන්දයෙන් කරුණු දැක්වූ අයුරු පහතින් අහන්න.

මේ සම්බන්ධයෙන් දරුවන් මෙන්ම දෙමව්පියන්ද යම් අවධානයක් යොමුකළ යුතු බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර ගුවන් යානා වැඩි වශයෙන් පියාසර කරන ගුවන් කලාපවල සරුංගල් යැවීමද අවදානම් බව ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් චන්දිම අල්විස් ප‍්‍රකාශ කළේ සරුංගල් උඩු ගුවනට යවා තිබෙන අවස්ථාවේ ගුවන් යානාවල ගැටීමේ සහ පැටලීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

එසේ වුවහොත් ගුවන් නියමුවාට යානය පාලනය කර ගැනීමට වුවද නොහැකිවීමේ ඉඩක් ඇතැයි ඔහු කියාසිටියා.

ගුවන් හමුදාවට අයත් යානා පමණක් නොව සිවිල් ගුවන් යානා හා හෙලිකොප්ටර් යානාද මේ හේතුවෙන් අනතුරට පත්වීමේ ඉඩකඩක් පැවතිය හැකි බවයි ඔහු ප‍්‍රකාශ කළේ.