Friday, September 20, 2024

General line - 0115112241

ලාංකිකයින් පස්දෙනාගේ අවමඟුල් උත්සව එකම දිනයක!




පසුගියදා බ්‍රිතාන්‍යයේ කැම්බර් සෑන්ඩ්ස් ප්‍රදේශයේදී මුහුදේ ගිලී මියගිය ශ්‍රී ලාංකික තරුණයන් පස්දෙනාගේ අවමඟුල් උත්සව පැවැත්වෙන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔවුන් සියලුදෙනාගේම අවමගුල් උත්සව එකම දිනයක පැවැත්වීමට ඔවුන් වාසය කළ නැගෙනහිර ලන්ඩනයේ ප්ලම්ස්ටඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජා නායකයන් සැලසුම් කරමින් සිටින බවයි බීබීසී ලෝක සේවය වාර්තා කරන්නේ.

එදින වෙරළේ ජීවිතාරක්ෂයන් සේවයේ යොදවා සිටියේ නම් සිය ඥාතීන්ගේ ජීවිත බේරාගැනීමට හැකියාව තිබුණු බව අනතුරින් මියගිය තරුණයන්ගේ ඥාතීන් පවසා තිබෙනවා.

එල්ල වන විවේචන හමුවේ මේ සතියේ සෙනසුරාදා සිට සඳුදා දක්වා පමණක් ජීවිතාරක්ෂකයන් තාවකාලිකව රැඳවීමට ප්‍රදේශයේ නගර සභාව තීරණය කර තිබෙන බවත් වාර්තා වනවා.

එවැනි අනතුරු කිහිපයක්ම සිදුවුවත් කැම්බර් සෑන්ඩ්ස් වෙරළ ඉතා සුරක්ෂිත බව ප්‍රාදේශීය බලධාරීහු අවධාරණය කර ඇත.

dead srilankan boys