Friday, September 20, 2024

General line - 0115112241

ඉන්දියානු කතුන් පපුවේ රත්තරන් හංගන්නේ මෙහෙමයි




රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වටිනා රත්රන් බිස්කට් තුනක් නීතිවිරෝධිව ශී‍්‍ර ලංකාවෙන් පිටතට රැගෙන යාමට තැත්කළ ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේ ගුවන් යානයක් තුළ සිටියදී අත්අඩංගුවට ගැණුනා. ඒ, රේගු නිලධාරීන් කළ හදිසි වැටලීමකදීයි.

සැකකාර කාන්තාවන් අවුරුදු 47 සහ 28 යන වයස්වල පසුවන්නන් වනවා.

ඔවුන් සිය පපු ප‍්‍රදේශයේ මෙම රන් බිස්කට් සගවා ගෙන සිටි බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.