Friday, September 20, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් 2ක් මරුට




කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුම ආසන්නයේ අද (29) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගමන් කර විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

එම අවස්ථාවේදීම එහි ගමන්ගත් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ තවත් අයෙකු ප‍්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ 99 වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින්ද 25 හැවිරිදි තරුණයෙකු මියගියා.

කැබ් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී රියදුරු මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.