Friday, September 20, 2024

General line - 0115112241

බාල වයස්කාර දැරියක් අපයෝජනය කර වීඩියෝගත කළ ළමුන් 5ක් මාට්ටු




13 හැවිරිදි පාසල් දැරියක් අවස්ථා කිහිපයකදී අපයෝජනය කර එය වීඩියෝගත කළ බව කියන බාලවයස්කාර ළමුන් පස් දෙනෙකු හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සැකකාර බාලවයස්කාර පිරිමි ළමුන් පස්දෙනා අවස්ථා කිහිපයකදී මෙම දැරිය අපයෝජනය කර ඇති බවයි.

ඔවුන් ඒ සෑම අවස්ථාවකදීම ඒවා වීඩියෝගත කර ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වුණේ. එම වීඩියෝ දර්ශන අඩංගු ජංගම දුරකතන කිහිපයක් සහ කැමරාවක්ද පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකාර බාලවයස්කාර පිරිමි ළමුන් අවුරුදු 13, 14 සහ 15 යන වයස්වල පසුවන්නන් වනවා. දැරියගේ පියා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පිරිමි ළමුන් අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් හැටන් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.