Monday, December 23, 2024

General line - 0115112241

මැතිවරණ පොරොන්දුව ඉටුකරමින් පිලිපීනයේ “මත් ලෝලීන්“ මහ පාරේ මරාදමයි..! (PHOTOS/VIDEO)



පිලිපීනයේ ජීවත්වන මත් ලෝලීන් සහ ජාවාරම්කරුවන් මරා දැමීමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා. මේ වනවිට මත්ලෝලීන් 2000ක් පමණ මරාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිලිපීනයේ නව ජනාධිපති රොඩ්‍රිගෝ ඩස්ටර්ස්, තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍ර‍ධානම පොරොන්දුවක් වූයේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීමය.

මේ වනවිට පොලිස් මෙහෙයුම් හේතුවෙන් 750ට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මීට සහය දෙනු ලබන වෙනත් කණ්ඩායම් විසින් 1150ට වැඩි පිරිසක් මරා දමා තිබෙනවා. මත්ද්‍ර‍්‍ය සහ අපරාධ මැඩලීම සඳහා ගෙන ඇති මෙම පියවරට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එරට බහුතර ජනතාවක් තම කැමැත්ත පල කිරීම විශේෂත්වයක්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස්ද වනවා. ඔවුන් පෙන්වා දෙන්නේ නිසි විනිශ්චයකින් තොරව මෙසේ මිනිසුන් මරා දැමීම යුක්තිසහගත නොවන බවය. ඇතැමුන් පවසන්නේ මත් මත් ලෝලීන් සහ ජාවාරම්කරුවන් නොවන්නන්ද මින් මරණයට පත්වන බවයි.

මත්ද්‍ර‍ව්‍යන්ට ඇබ්බැහිවූවන් මෙසේ මරා දැමීම ඇරඹීමත් සමග, එවන් පිරිස් විශාල වශයෙන් ස්වකැමැත්තෙන්ම පුනුරුත්තාපනය සඳහා භාර වීමද දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් පුනුරුත්තාපන මධ්‍යස්ථානවල අනුමත පිරිසට වඩා වැඩි පිරිසක් මේ වනවිට රැඳී සිටිනවා.

Philippine www.nethnews.lk 00001 Philippine www.nethnews.lk 00002 Philippine www.nethnews.lk 00003

Philippine 01 www.nethnews.lk 00001 Philippine www.nethnews.lk 00004 Philippine www.nethnews.lk 00005

MANILA, PHILIPPINES - JULY 23: A woman clutches her dead husband in grief after armed assailants in a motorcycle shot him in a main thoroughfare on July 23, 2016 in Manila, Philippines. The victim was an alleged drug peddler a claim disputed by his wife and maintained her husband is nothing more than a pedicab driver plying his trade when he was shot in front of her. Philippine President Rodrigo Duterte declared a war on crime and drugs after winning the presidential elections on May 9, 2016. President Duterte has recently been living up to his nickname, 'The Punisher', as Philippine police have been conducting night time drug raids on almost a daily basis. With reports of at least 300 drug related deaths since the start of July, Human rights groups and the Catholic church have objected to the use of brutal force by the Police. (Photo by Dondi Tawatao/Getty Images)
Philippine www.nethnews.lk 00007 Philippine www.nethnews.lk 00008