Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයට වෙනම පක්ෂයක් එපා වෙයි




වෙනම පක්ෂයක් සෑදීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම පැවසුවේ “වෙනම පක්ෂයක් හදන්න කවුරුන් හෝ කිව්වොත් ඒ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය මෛත්‍රීපාල සිරිසේනට පාවා දීම. අපි වෙනම පක්ෂයක් හදන්න ඕන නෑ. ඒකාබද්ධ විපක්ෂය අපි හදලා තියෙන්නෙ. ඒකාබද්ධ විපක්ෂය හැටියටයි අපි පළාත් පාලන ඡන්දෙට යා යුත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අපි ඡන්දෙ ඉල්ලන්න ලකුණක් ලබා ගත යුතුයි.” යනුවෙනි.

සමාජවාදී පෙරමුණ විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.