Friday, September 20, 2024

General line - 0115112241

‘ක්‍රීඩකයින් විකුණන් කන්න එපා’




ක‍්‍රීඩකයින් පෙන්වා මුදල් ඉපයීම නතර කරන්නැයි හිටපු ක‍්‍රිකට් නායකයෙකු වන අමාත්‍ය අර්ජුන රණතුංග සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ක‍්‍රීඩකයින් ලබන ජයග‍්‍රහණ මුදල් ඉපයීමට අවස්ථාවක් කරගැනීමෙන් අවසානයේ සිදුවන්නේ ක‍්‍රීඩාව විනාශ වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

‘සේව් ද ස්පෝර්ට්ස්’ ක‍්‍රීඩා පුහුණු කඳවුරේ සමාප්ති සැසියට සහභාගි වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී හෙතෙම පැවසුවේ “අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා ඕස්ට්‍රේලියාවට එරෙහිව. ටෙස්ට් තරගය තුනට බිංදුවක් ලෙස ජය ගත්තා. ඒක පහසු දෙයක් නෙමෙයි. පරිපාලනය කරන මිනිස්සු මොනවද කරන්නෙ. මේ ක්‍රීඩකයන්ගෙ බෝඩ් ටික හංදියක් ගානෙ ගහලා අත යටින් මුදලක් උපයනවා.” යනුවෙනි.