Friday, September 20, 2024

General line - 0115112241

වැසිකිළි යන-එන තරුණ කතුන්ට කැත වැඩ කළ අයෙක් අල්ලයි




අනුරාධපුර රුවන්වැලිසෑය ඉදිරිපිට රථ ගාල අසල කාන්තා වැසිකිළියට යන එන තරුණ කතුන් ජංගම දුරකථනයෙන් වීඩියෝගත කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බියටපත්ව කෑ ගැසූ තරුණියකගේ එම ශබ්දය ඇසී පැමිණි පොලිස් නිලධාරීන් විසිනුයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

වයස අවුරුදු 36 ක් වන ඔහු පොල්ගස්ඕවිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.