Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිප සම්මේලනයට එජාප නායකයා ගේන්නැයි යෝජනාවක්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිය විය යුතු නැතැයි අද (29) ප්‍රකාශ කෙරුණා.

සැබෑ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය නම් පක්ෂ කැඩීම බවයි කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඔහු වැඩි දුරටත් පැවසුවේ “එජාප සමුළුවේ ප්‍රධාන අමුත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළ යුතුයි. කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට පැමිණීමට නියමිතව ඉන්නෙත් එජාප පාක්ෂිකයන්.” යනුවෙනි.

ඉකුත් ආණ්ඩුව යටතේ මෙගා ඩීල් සිදුවූ බවට වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස් මීට පෙර චෝදනා කළ ද එවැනි කිසිඳු මෙගා ඩීල් එකක් තවමත් ඔප්පු කිරීමට හැකි වී නොමැති බවයි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේ.