Friday, September 20, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස් පෙම්වතිය ගැන කියයි!



ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මෑත කාලයේ පායපු දිදුළන තරුවක්නේ කුසල් මෙනේඩිස් කියන්නේ.

තවමත් 21වන වියේ පසුවන මෙම යෞවනයාගේ දක්ෂතා පිළීබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් පමණක් නොවෙයි විදෙස් ක්‍රිකට් ලෝලීන් මෙන්ම ක්‍රිකට් විචිරයකයන්ද කතා බහ කරන්නේ බොහෝ ඉහළින්.

කුසල්ගේ දක්ෂතා පිළිබඳ හැමෝම කතා කරන්න පටන්ගත්තේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් පස්සේ.

කුසල් මේ තරඟයේ ලකුණු 176ක් ලබාගැනීමට සමත් වනවා.

ඒ විතරක් නෙමෙයි මේ වන විට අවසන් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පලමු එක්දි තරඟ දෙකේදී අර්ධ ශතක දෙකක් රැස්කර ගැනීමටද කුසල් සමත් වුණා.

කුසල්ගේ මේ දක්ෂතා පිටුපස්සේ ඔහුගේ හෙවනැල්ල වගේ හිටියේ තාත්තා කියලා තමයි කුසල් කියන්නේ.තාත්තට ලොකු හීනයක් තිබුණලු කුසල්ව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න..අද ඔහු යම් දෙයක් ලබාගෙන ඉන්නවා නම් ඒ සියලු දේ වල ගෞරවය හිමිවෙන්න ඕන තාත්තට කියලා තමයි කුසල් කියන්නේ.

කුසල් මේ බව කියලා තිබුණේ සති අන්ත පුවත්පතකට.

ඒ විතරක් නොවෙයි.කුසල් ඔහුගේ පෙම්වතිය ගැනද මෙහිදී කතාකොට තිබුණා.

‘‘එයා ගොඩක් කැමතියි මම ක්‍රීඩා කරනවට,අැය නිතරම කියනවා හොඳින් ක්‍රීඩා කරන්න කියලා.මම ක්‍රීඩා කරන හැම තරඟයක්ම ඇය නරඹනවා.ඇය මගේ ක්‍රිකට් දිවියේ හොඳ නරක දෙකම පෙන්වලා දෙනවා‘‘

කුසල් ඔහුගේ පෙම්වතිය ගැන කියා තිබුණේ එලෙසින් .