Friday, September 20, 2024

General line - 0115112241

සිව්වන සටනට කණ්ඩායම් දෙකේම වෙනසක් – ආරම්භක පිතිකරු ධනංජයද?අවිශ්කද?



සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින ක්‍රිකට් තරඟය අද දඹුල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

අද තරඟයේදී කණ්ඩායම් දෙකේදීම යම් වෙනසක් සිදුවිය හැකි බවයි වාර්තාවන්නේ.

තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පුරප්පාඩු වූ ආරම්භක පිතිකරු තනතුරට උපුල් තරංග වැනි පිතිකරුවෙකු ආදේශ කරයි යැයි බොහෝ දෙනා සිතුවත් කණ්ඩායමට එක්වූයේ සචිත් පතිරණයි.

අද තරඟයට සචිත් පතිරණ ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් පළමු තරඟ කිහිපයේම අසාර්ථක වූ ධනුෂ්ක ගුණතිලක අද තරඟයේත් ආරම්භ පිතිකරු වන බවයි වාර්තාවන්නේ.

ධනුෂ්ක සමග ඉනිම ආරම්භ කිරීමට ධනංජය සිල්වාට හෝ නවක ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට හිමි වනු ඇති.

මේ අතර අබාධයකට ලක්වූ ෂොන් මාෂ් වෙනුවට උස්මාන් ක්වාජා අද ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වන බවයි වාර්තා වන්නේ.