Friday, April 26, 2024

General line - 0115112241

බැන්කි මූන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි (PHOTOS)




නිළ සංචාරයක් වෙනුවෙන් සහභාගි වි සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් මහතා අද(02) යාපනය ප‍්‍රදේශයේ සංචාරයක නිරතවුණා.

යාපනය වෙත පැමිණි බැන්කි මූන් මහතා පළමුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා අතර යාපනය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සාකච්ජා පැවැත්වුණා.

එහිදී උතුරු පළාතේ වර්තමාන තත්වය, උතුරු නැවත පදිංචි කිරීම් කටයුතු හා උතුරු පළාතේ වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද එහිදි සාකච්ජා පැවැත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බැන්ක් මූන් මහතා යාපනය සිදුකරන සංචාරයට සමගාමීව යාපනය නගරයේ ස්ථාන කිහිපයක යුධ අපරාධ වෙනුවෙන් සාධාරණය ඉල්ලීම් කරමින් හා අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා එලෙස විරෝධතා වැඩසටහන් කිහිපයක්ද පවත්වා තිබෙනවා.

Image00001 Image00002 Image00003 Image00004

Image00001Athurudahan Image00002Athurudahan Image00003Athurudahan Image00004Athurudahan