Friday, September 20, 2024

General line - 0115112241

පොලීසියට 150යි




150වන පොලිස් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමට නියමිතයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැත්වෙන උත්සවයකදී පොලිස් ගීතය ද එළිදැක්වෙනවා.

මෙම පොලිස් ගීතය රචනා කර ඇත්තේ ගේය පද රචක රත්න ශ‍්‍රී විජේසිංහයි. සුජාතා අත්තනායක තනු නිර්මාණය කර තිබෙනවා.

ප‍්‍රධාන නිල උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම උත්සවය පස්වරු 2.00ට ආරම්භ කෙරෙන බව පොලිසිය පැවසුවා.

මීට අමතරව ප‍්‍රාදේශීය මට්ටමින් තවත් සැමරුම් උත්සව 9ක් ද ඉදිරි මාස දෙක ඇතුළත සංවිධාන කිරීමට නියමිතයි. පොලිස් නිලධාරීන් අභිප්පේ‍්‍රරනය කිරීම සඳහා වන යාන්ත‍්‍රණයක් ද මේ සමග කි‍්‍රයාත්මක වන බව පොලිසිය පවසනවා.

අපරාධ මැඩීම සඳහා පොලිසිය ඉලක්ක කිහිපයක් හඳුනාගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි කියා සිටියා.