Thursday, September 19, 2024

General line - 0115112241

තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 05 ක් එන්න සැරසෙයි




සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් රටට අවශ්‍ය බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ සයිටම් ආයතනයට පිළිගැනීමක් ලැබුණහොත් තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 5 ක් ශී‍්‍ර ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවයි.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති කතාබහ පිළිබඳ ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගෙන් නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීමකදී මෙම කරුණු අනාවරණ කෙරුණා.

මෙරට සිසුන් විදේශ විශ්වවිද්‍යාල වෙත ඇතුළත්වීම නිසා වසරකට මිලියන 8000 හෝ 9000 ක් රටේ මුදල් විදේශ රටවල් වෙත ඇදී යන බවත් සඳහන් කළා.  පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා කුමණ ආකාරයකින්වත් නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් නොවන බවත් සඳහන් කළා. මෙරටදී අවශ්‍යකරන අධ්‍යාපන ක්‍රමය ලබා දීමේ හැකියාව තිබියදී මෙරට දරුවන් විදේශ ගත කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.