Thursday, September 19, 2024

General line - 0115112241

ශ්‍රීලනිප 65 වැනි සැමරුම අද




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර සැමරුම් උත්සවය අද (04) පස්වරුවේ පැවැත්වෙනවා. එ් කුරුණැගල මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේදීයි.

උත්සවය පැවැත්වෙන්නේ පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම සංවත්සර උත්සවයට අතිවිශාල පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා ප‍්‍රකාශ කළා.

සමුළුවට සහභාගිවන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ආරාධනා කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට මැලේසියාවේ සංචාරයකට එක්ව සිටිනවා. කෙසේ වෙතත් කොළඹ ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ ප‍්‍රධාන කාරණා 3ක් මුල් කර ගනිමින් පක්ෂ සම්මේලනයට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවයි.

වර්තමානයේ ශ්‍රිලනිපය අනුගමනය කරනු ලබන එජාපයට ගැති දේශපාලන ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම, මහින්ද රාජපක්ෂ මහතාට සිය පක්ෂයේම ඇතැමුන් සිදු කරන චරිත ඝාතනයන්ට විරෝධය පෑම, විරෝධය පෑම හරහා පක්ෂය නිවරැදි මාර්ගයට යොමු කරවා ගැනීම එම කරුණු 03 බවත් පැවසුවා.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ඇතැමුන් තවදුරටත් උත්සහ දරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා. එ් අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ද සිටීම කනගාටුදායක බවයි ඊයේ (03) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.