Friday, September 20, 2024

General line - 0115112241

අගමැති යළි දිවයිනට




සිංගප්පුරු නිල සංචාරය නිමා කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (03) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා.

නෙත්  නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි.

සිංගප්පූරුවේ පැවති ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වූයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්. ලෝක බල කේන්ද්‍රයේ මීළඟ වේදිකාව ඉන්දියන් සාගරය බවට පත් කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

සංචාරය අතරතුර රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.

දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ සම්මුතිවාදී රජය ගෙන යන යහපාලන වැඩපිළිවෙළ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙහිදී අගය කිරීමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.