Friday, September 20, 2024

General line - 0115112241

කෝටි 03 ක කුඩු අල්ලයි




රුපියල් කෝටි 03 කට ආසන්න හෙරොයින් කිලෝග‍්‍රෑම් දෙකයි ග‍්‍රෑම් 24 ක් ළඟ තබාගෙන සිටි බව කියන ඉන්දීය ජාතිකයෙකු සහ ජාවාරමට සම්බන්ධ තවත් ශී‍්‍ර ලාංකිකයන් පස්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එ් මන්නාරම පල්ලිමුනේ ප‍්‍රදේශයේදීයි. නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වවුනියාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා. සැකකරුවන්ගෙන් මේ වන විට ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.