Thursday, May 9, 2024

General line - 0115112241

විදුලිය පෙනි පෙනී අඳුරේ ඉන්න ගමක් (VIDEO)




පසුගිය රජය විසින් සැමට විදුලිය තේමාව යථාර්තයක් බවට පත් කරමින් කඩිනම් ග්‍රාමිය සංවර්ධන විදුලි ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන යොදවා නිමකළ නාගමඩුව විදුලි ව්‍යාපෘතිය ගම්මානයේ නිවාස රැසකට විදුලිය ලබා දුන්නද තවත් නිවාස කිහිපයකට මේ වන තෙක් විදුලිය නොමැතිකමින් ජනතාව දැඩි අපහසුතාවයට ලක්ව සිටිනවා.

පසුව නව රජය බලයට පත්වීමත් සමග කෙටි මාර්ග විදුලි සැපයුම් සඳහා නව ප්‍රතිපාදන වෙන් කරමින් නාගමඩුව බෑවුම් මාර්ගය සඳහා විදුලිය ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණා.

ඒ අනුව එහි කොන්ත්‍රාත්තුව විදුලි බල මණ්ඩලය විසින් පුද්ගලික කොන්ත්‍රාත්තු ආයතනයකට භාර දී තිබූ අතර අදාළ කොන්ත්‍රාත්තු ආයතනය මගින් විදුලි සැපයුමට අවශ්‍ය සියලු විදුලි කණු ඉදිකරමින් ප්‍රදේශයේ නිවාස රැසකට විදුලි සැපයුම ලබා දුන්නා.

එහෙත් මේ වන විට එකී විදුලි රැහැන් පද්ධතිය දුම්රිය හරස් මාර්ගය අසලින් නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මේ නිසාවෙන් දුම්රිය මාර්ගයෙන් එපිට ඉදිවී ඇති නිවාස රැසකට මේ වන තෙක් විදුලිය ලැබෙන්නේ නැහැ.

විදුලි සැපයුම දුම්රිය හරස් මාර්ගය ඔස්සේ රැගෙන යාමට අපහසු බවයි අදාළ කොන්ත්‍රාත්කරු ජනතාවට දන්වා ඇත්තේ. දුම්රිය දෙපාර්ත්තුමේන්තුවට අයත් දුම්රිය මාර්ගයට ඉහළින් විදුලි රැහැන් රැගෙන යාමේදී යම් කිසි හදිසි අවස්ථාවක විදුලි රැහැන් දුම්රිය මාර්ගයට පතිත වීමෙන් ඇති වන විදුලි කාන්දුවක් නිසාවෙන් විශාල අනතුරක් සිදු වන බවත් ඒ නිසා කම්බි දැල් සහිත ආවරණයක් සවි කිරීමෙන් අනතුරුව නැවත විදුලි රැහැන් පද්ධතිය ගම්මානය දක්වා රැගෙන යාමට හැකි බවත් පවසා තිබෙනවා.

දැනට වසරක් ගෙවී ගොස් ඇතත් එකී කම්බි දැල් සහිත කම්බි ආවරණය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන විදුලි බල මණ්ඩලය විසින් දුම්රිය දෙපාර්ත්තුමේන්තුවට නොගෙවීම නිසාවෙන් ජනතාවට අවශ්‍ය විදුලි සැපයුම ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා.

මෙම ගමේ ජනතාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ විදුලි සැපයුම ආරම්භයත් සමග තමන් සිය නිවාස අභ්‍යන්තරයේ විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු නිම කලද තමන්ට මෙතෙක් විදුලිය ලැබී නොමැති බවයි.

01 02 06 07 08 09 10 11 12 DSC_0126 DSC_0172 DSC_0195 DSC_0204