Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය සජීවීව (LIVE)




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය මේ වන විට කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.  ඒ, පක්ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම සමුළුවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව සිටිනවා.

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක ඇතුළු අමාත්‍යවරු රැසක් ද සමුළුවට එක්ව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාව සජීවීව පහතින් බලන්න

වීඩියෝවේ හඬ ඇසීම සඳහා මෙම ක්‍රමය අනුගමනය කරන්න – Right Click Video – Unmute

01

 

SLFP (2)

SLFP (1)SLFP (3) SLFP (4) SLFP (5) SLFP (6) SLFP (7) SLFP (8)

…………………………………………………………………

නිදහස් පක්ෂ දැවැන්ත වේදිකාව සරසන හැටි (PHOTOS)

Sep 4, 2016 @ 11:17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වෙනි සංවත්සර සැමරුම අද (04) කුරුණෑගල මාළිගාපිටියේදී පැවැත්වෙනවා.

පස්වරු 2.00 ට සමුළුව ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කෙරෙමින් ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව අද පස්වරුවේ පෙළපාළි කිහිපයකින් පක්ෂ සාමාජිකයින් මාලිගාපිටිය ක්‍රීඩාංගණයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය ආරම්භ වනවා.

මේ අතර කුරුණෑගල මාළිගාපිටියේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වෙනි සංවත්සර සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500 ක් පමණ අනියුක්ත කර ඇතැයිද සඳහන්.

එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරමින් සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කරගනිමින් දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1951 වසරේ සැප්තැම්බර් මස 02 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබුවා. අනතුරුව 1956 පැවැති මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ ලෙස මහ මැතිවරණයට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තා.

පක්ෂයේ නිර්මාතෘවරයා වන බණ්ඩාරනායක 1956 සැප්තැම්බර් මස 25 වැනිදා ඝාතනයට ලක්වීමෙන් පසු 1960 වර්ෂයේ මැයි මස 07 වැනිදා පක්ෂ සභාපතීත්වය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හිමිවුණා. 1994 දක්වාම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙනු ලැබුවා.

1994 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිමි වු අතර 2005 වසරේදී එම නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයා ලෙස කටයුතු කරනවා.

DSC_2350 Grabbed Frame 32 Grabbed Frame 33 Grabbed Frame 34 Grabbed Frame 35 Grabbed Frame 36 Grabbed Frame 38 Grabbed Frame 39 Grabbed Frame 40