Friday, September 20, 2024

General line - 0115112241

යතුරුපැදි කරුවන්ගෙන් පොලිසියට ඉල්ලීමක්




රිය අනතුරකින් යතුරු පැදිකරුවෙකු මියගියහොත් අනතුර සම්බන්ධයෙන් සියලු තොරතුරු ප‍්‍රසිද්ධ කරන්නැයි සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ සඳහන් කළේ අදාළ ඉල්ලීම ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි.

රිය අනතුරකින් යතුරු පැදිකරුවෙකු මියගිය විට ඔහු ආරක්ෂිත හිස්වැසුම නිසි ආකාරයෙන් පැළඳ සිටියේද යන්න පොලිසිය විසින් හෙළිකළ යුතුයි. එමෙන්ම ආරක්ෂිත හිස්වැසුමේ වර්ගය සහ යතුරු පැදිය ගමන් ගත් වේගයද හෙළි කිරීම වඩා වැදගත් වන බවයි චිරන්ත අමරසිංහ සඳහන් කළේ.

ජීවිත බිළි ගන්නා හිස්වැසුම් මොනවාදැයි යන්න සතිපතා ප්‍රසිද්ධ කිරීම තුළින් ෆුල්ෆේස් හිස්වැසුම් ගැටලුවටත් විසඳුම් සොයා ගත හැකි බවයි ඔහුගේ මතය වී ඇත්තේ. යතුරුපැදි හිස් ආවරණ සඳහා ප‍්‍රමිති සහතිකයක් පමණක් නිකුත් කිරීම ප‍්‍රමාණවත් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.