Monday, March 20, 2023

General line - 0115112241

පියෙකු සහ පුතෙකු දියේ ගිලී මරුට




ඇතිමලේ කොටියාගල මහවැවේ දිය නෑමට ගිය පියෙකු සහ පුතෙකු අද (04) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

පියා 34 හැවිරිදි වියේ පසුවු අතර පුත‍්‍රයාගේ වයස අවුරුදු 8ක්. ඔවුන් දොඹගහවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිය පුත‍්‍රයා දියේ ගිලෙමින් සිටියදී පියා විසින් බේරා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ දෙදෙනාම දියේ ගිලී ඇති බවයි මූලික පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ප‍්‍රධාන සොරොව්ව අසල පාවෙමින් තිබූ මළ සිරුරක් අද සොයා ගැනුණා.

එම පුද්ගලයා 56 හැවිරිදි නුවරඑළිය ප‍්‍රදේශයේ පදිංචි අයෙක් බවට ඔහුගේ හැඳුනුම්පතෙන් සනාථ වූ බවයි පොලිසිය පැවසුවා.