Wednesday, April 24, 2024

General line - 0115112241

එක්සත් ජාතික පක්ෂයත් අලුත් වැඩකට සැරසෙයි




එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වසර 2ක් ඇතුළත පක්ෂය දැවැන්ත ප‍්‍රතිසංවිධානයකට ලක්කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, බියගම මල්වාන ප‍්‍රදේශයේ අද (04) පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ප‍්‍රශ්න හා අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂය නොසැලී වසර 70ක් ඉදිරියට පැමිණියා සේ ශ‍්‍රී ලංකාවද අනාගත ලෝකයට රැගෙන යාම සඳහා කටයුතු කරන බවයි.

ඩී.එස්.සේනානායක අගමැතිතුමන් සියලු ජාති ආගම් ඒකරාශී කරමින් බිහිකළ පක්ෂයේ ඉදිරි ගමන කිසි දිනෙක නොනවත්වන බවද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කලා.