Friday, March 29, 2024

General line - 0115112241

අනාගත සැලසුම් ජනපති නිදහස් පක්ෂ 65වන සමුළුවේදී හෙළි කරයි




අනාගතයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ පළමු වෙඩිමුරය අද (04) තැබූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සම්මේලනයට එක්වෙමින්.

“මේ 65 වෙනි සංවත්සර මහා සමුළුවේදී මේ පැමිණි අති විශාල ජන ගංගාවට , ආදරණීය දෙමවුපියන්ට , දරුවන්ට මම කියනවා. පක්ෂයේ සියළු නායකයන්ට මම කියනවා අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ පළවෙනි වෙඩිමුරය තමයි අද මේ 65 වෙනි සංවත්සරයෙන් තිබ්බේ කියන එක ඉතා පැහැදිලිව මම කියනවා.

අපිට ලබන අවුරුද්දෙ මුල් භාගය වන විට පළාත් පාලන මැතිවරණය එනවා. දිවයිනේ සියළු පළාත් පාලන මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟකරනවා , අත ලකුණින් තරඟ කරන්නේ අපි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඉන්න ඕනේ කියන අයිතිය ඉල්ලපුවම ඒ අයිතිය මම දුන්න පිරිසට මම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අලුත් දේශපාලන බලවේග ගැන කතා නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග හිටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියේදී පක්ෂයේ ආණ්ඩුවක් අනාගතයේ හදන්න සියළුදෙනාගේ කැපවීම ඒකරාශ්‍රී කරන්නැයි කියලා මම ඉල්ලා සිටිනවා”.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට මම ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා පොදු අපේක්ෂකයා විදිහට එදා අත්සන් කරනකොටත් මම අත්සන් කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදිහටයි. පොදු අපේක්ෂකයා විදිහට මාත් එක්ක සම්මුතිය අත්සන් කරපු පක්ෂ සංවිධාන 49ක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව. මාත් එක්ක ගිවිසුමක් අත්සන් කෙරුවේ නැහැ ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතුයි කියලා.

ඒක මගේ මානව හිමිකමක් වගේම මූලික අයිතිවාසිකමක් මගේ දේශපාලන පක්ෂයේ මම වැඩකරන එක. මට කිසිඳු බාදාවක් ඒකට ඇතිවුනේ නැහැ. ජනවාරි 8 මැතිවරණයෙන් දිනලා , 9වෙනිදා දිවුරුම් දීලා දවස් 3කට පස්සේ පක්ෂයේ සභාපතිකම භාරගන්න කියලා මට ආරාධනා කරපුවම මම පුදුම වුණා.

මම පක්ෂයේ පස්වෙනි නායකයා විදිහට හරිම සතුටින් , ඉපිලී ගිය ප්‍රීතියෙන් , මහා අභිමානයකින් මේ පක්ෂය එදා භාරගත්තේ නැවත මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීම සඳහායි කියන එක මම බොහොම පැහැදිලිවම කියනවා”.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ යැවූ ලිපියක් සම්බන්ධයෙන් ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කරුණු හෙළි කළා. එම හඬපටය පහතින් දැක්වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සම්මේලනය අද පස්වරුවේ ආරම්භ වුණේ කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයේදීයි. ඒ ස`දහා දිවයින පුරා සිටින නිදහස් පාක්ෂිකයින් රැසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

පෙළපාළි කිහිපයකින් පාක්ෂිකයින් මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයට පැමිණීමෙන් අනතුරුවයි සම්මේලනය ආරම්භ වුණේ.

රැස්ව සිටි පිරිස ඇමතූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ කිසියම් පක්ෂයක වැඩිම ජනතාවගේ සහභාගිත්වයෙන් පවත්වන සංවත්සරය මෙය බවයි.

SLFP (2) SLFP (3)

SLFP (1) SLFP (4) SLFP (5) SLFP (6) SLFP (7) SLFP (8)