Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාව සෙමින් සෙමින් ඉලක්කය වෙත




ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන 5වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය මේ වන විට පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ලකුණු 196ක ඉලක්කයක් හඹා යන ඕස්ටේ‍්‍රලියාව මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 161ක් රැස්කරගෙන සිටියා.

පළමු කඩුල්ල ලෙස මැතිව් වේඩ් ලකුණු 3කට ද පසුව උස්මාන් කවාජා ලකුණු 6කට ද දැවී ගියා. එම කඩුලු දෙකම දවාගත්තේ දිල්රුවන් පෙරේරායි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 195ක් පමණයි.