Friday, September 20, 2024

General line - 0115112241

දේශපාලකයන් මහ බැංකු අධිපති නොකළ යුතුයි




මහ බැංකු අධිපති ධුරයට දේශපාලකයන් පත්කිරීම සුදුසු නොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා පවසනවා. මහ බැංකු අධිපති ධුරයට ඒ මහතා පත් කෙරුණු ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිිටියා.

තමන්ට එම තනතුර ලැබෙන බවට පළවන පුවත් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි එරාන් වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ. තමන් ජනතාව ලබාදුන් ජන වරමට අනුව ජනතාවට සේවය කිරීමට බැඳී සිිටින බවද ඔහු අවධාරණය කළා.