Thursday, September 19, 2024

General line - 0115112241

ති‍්‍රකුණාමලයේදී අතුරුදන් වූ ව්‍යාපාරිකයෙකු සොයා මෙහෙයුම්




ති‍්‍රකුණාමලයේ පිහිටි රජයේ බැංකුවක පැවති රන් භාණ්ඩ වෙන්දේසියකට පැමිණ සිටි ව්‍යාපාරිකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ව්‍යාපාරිකයා මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ රන් භාණ්ඩ සඳහා ඉතා ඉහළ ලංසු ඉදිරිපත් කර ඇති බවයි.

ඔහු මෙම රන් භාණ්ඩ වෙන්දේසියට පැමිණ ඇත්තේ බණ්ඩාරගම ප‍්‍රදේශයේ සිටයි. ඔහු සමග තවත් සිව් දෙනෙකු මෙම රන් භාණ්ඩ වෙන්දේසියට පැමිණ තිබෙනවා.

අතුරුදන්වන අවස්ථාවේදී ඔහු සතුව රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් තිබී ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.