Thursday, September 19, 2024

General line - 0115112241

තාජුඩීන් ඝාතනයේ CCTV දර්ශන හඳුනා ගැනීමට කැනඩාවටත් බැරි වෙයි




රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ බව කියන සී.සී.ටීවී දර්ශන නිවැරදිව හඳුනා ගැනීමට කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා රසායනාගාර විද්‍යා සමාජය ද අසමත් වී තිබෙනවා.

ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ මෙම දර්ශන ගුණාත්මකභාවයෙන් අඩු බවයි. අදාළ සී.සි.ටීවී කැමරා සංවේදී බවින් අඩු බවද දර්ශන ගුණාත්මක භාවයෙන් අඩු වී ඇත්තේ ඒ නිසා බවද ඔවුන් ප‍්‍රකාශ කර තිබෙනවා.

අදාළ දර්ශන ශ‍්‍රී ලංකාවේදී හඳුනා ගැනීමට මුලින් උත්සහ කෙරුණා. එය සාර්ථක නොවූ නිසායි එම දර්ශන කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා රසායනාගාර විද්‍යා සමාජය වෙත යොමු කිරීමට අධිකරණය නියෝග කළේ.

ඒ අනුව අදාළ සංයුක්ත තැටි ද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් දා කැනඩාවට ගියා.