Thursday, September 19, 2024

General line - 0115112241

විෂ එන්නත් කතාව බොරුවක් වෙයි !




මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ඉකුත් දා කෙරුණු පහරදීම සහ උතුරේ බුදු පිළිම කඩා දැමීම තමන් ද හෙළා දකින බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇතැයි මුලින් පැවති සැකය තහවුරු කිරීම සඳහා ප‍්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට ද තවමත් නොහැකි වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදී මෙම අදහස් පළ කෙරුණා.