Friday, September 20, 2024

General line - 0115112241

අම්මට **** අම්මට **** කොල්ලෝ ටික මං කියද්දි කියන්න



ඉකුත් කාලය පුරාවටම සිංහල රැප් යැයි පවසමින් කුඩා දරුවන් අසභ්‍ය වදන් කියමින් කළ රැප් වීඩියෝ අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්වුණා.

මොවුන් මෙහිදී පවසන අසැබි වදන් නිසාම මොවුන්ට සිඟිති පාතාලය යන නමද පටබැඳුනා.

කෙසේ වෙතත් මෙම දරුවන් මේ ආදර්ශය ගන්නේ කාගෙන්ද?රැප් යැයි කියමින් කුනුහරප කීමේ සංස්කෘතියක් නිර්මාණය කළේ කවුරුන්ද?

මෙම වීඩියෝ වලට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනාගේ අදහස වූයේ රටේ ජනප්‍රිය රැප් ගායකයන් කියාගන්නා අයගේ මග මේ දරුවන්ද යන බවකි.

පසුගියදා ගල්කිස්සේ පැවති ප්‍රසංගයකදී කයිසර් කයිස් නම් රැප් ගායකයා ප්‍රසංගය අතරතුරදී අසභ්‍ය වචන කියන්නේ අම්මලාද මතක් කරමිනි.

මෙම ක්‍රියාවට අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනා ඉතා විවේඡනාත්මක අදහස් පළකර තිබුණා.

පසුව ඔහු මෙම සිදුවීමට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ගෙනද තිබුණා.

886885