Thursday, September 19, 2024

General line - 0115112241

නාමල්ගේ වාහනය ගැන මහින්ද කතාකරයි (VIDEO)




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කර වෙනත් අයෙකුට විකුණා තිබූ වාහනයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, අනුරාධපුරය ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.

“එතුමා පර්මිට් එකට ගත්තා වාහනයක්. ඔක්කොම මන්ත්‍රීවරු ගත්තනේ වාහනයක්. ඉතින් ඒ වාහනේ එතුමා දැන් විකුණලා. ඒක දැන් වෙන අයිතිකාරයෙක් ලඟ තියෙන්නේ. ඉතින් ඒ මිනිහා දන්නේ නැහැ ඇවිල්ලා උස්සගෙන යනකන්. ඉතින් ඔහොම රටේ නීතියක් තියෙනවනම් , හෙට උදේට ඔයාලගේ ගෙදර ඇවිල්ලා කැමරා ටික උස්සගෙන යන්න පුළුවන් මේවා ඔයාලගේ නෙමෙයි කියලා.

ඉතින් මාධ්‍යට තියෙන තරජනෙත් ඒක. මාධ්‍ය කතාකරන්නෙත් නැහැ මාධ්‍ය බයයි. මාධ්‍ය නායකයෝ ගෙනල්ලා බණිනවා. මම එහෙම කළේ නැහැ අහන්නකො මාධ්‍ය නායකයන්ගෙන් මම එහෙම කරලා තියෙනවද කියලා. මෙයාලා කියනවා නමුත් මාධ්‍ය නායකයන්ගෙන් අහන්නකෝ කවදාවක්වත් මම එඩිටර්ට කතාකරලා , නම කියලා පාර්ලිමේන්තුවේ බැනලා තියෙනවද කියලා”.

වීඩියෝව පහතින් දැක්වේ

 

මේ අතර අදාළ වාහනය නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් භාවිත කර ඇත්තේ 2010 වසරේදී බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එය ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ එකක්.

Image00001MR Image00002MR  Image00004MR Image00005MR Image00006MR Image00007MR