Friday, September 20, 2024

General line - 0115112241

රට වටේ ගිහින් පොල්බඩ හොයන, පොල්බඩ කන්න තියනවා නම් බත් කන්නත් ඕනෑ නැති ඇමති මෙන්න!



මොනතරම් හදිසි ගමනක් යන අවස්ථාවක වුණත් පාර අයිනේ පොල් ගහක් කපනවා දැක්කොත් වාහනය නතර කර පොල්බඩ කෑමේ පුරුද්දක් ඇති දේශපාලකයෙක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තාවේ

තම නිවසේ සිටියදී වුවත් කිලෝමීටර් හත අටක් දුරින් වුවත් පොල් ගසක් කපන ආරංචියක් ලැබුණහොත් මෙම ඇමතිවරයා සියලු වැඩ නතර කර පාපැදියකින් හෝ එම ස්ථානයට ගොස් පොල්බඩ කන බව දැනගන්නට ඇත.

ඇමතිවරයාගේ පොල්බඩ කෑමේ ආශාව දන්නා එම ප්‍රදේශයේ පාක්ෂිකයෝත් තම ඉඩමක ඉඳහිට හෝ පොල්ගසක් කපනවා නම් ඒ බව ඔහුට දුරකතනයෙන් දැනුම් දෙන බව කියති.

පොල් බඩ කෑමට ලැබෙනවා නම් ඇමතිවරයාට බත් කන්න ඕනෑත් නැතිලු