Friday, September 20, 2024

General line - 0115112241

අද තරඟයට සිංහ පිල වෙනස්වන හැටි මෙන්න



අද තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කීපයක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එක්දින තරඟාවලියේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලකට මෙම සංචිතයේ ස්ථානය අහිමි වී ඇති බැවින් එක්දින තරඟාවලියේ මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් ක්‍රීඩා කළ කුසල් පෙරේරා අද තරඟයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක්දින තරඟාවලියේ තරඟ දෙකක් ආරම්භක පිතිකරු ලෙස සාර්ථක වූ ධනංජය ද සිල්වා අද තරඟයේදී මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇතියි.

නොම්මර 03 කුසල් මෙන්ඩිස්ටත් නොම්මර 04 දිනේෂ් චන්දිමාල්ටත් ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට නොම්මර 05 ස්ථානයේ චාමර කපුගෙදර ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තාවන්නේ.

කළකට පසු නැවතත් විස්සයි20 සංචියට ඇතුළත්ව සිටින පිට දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර ඔහුගේ සහයක දඟ පන්දුයවන්නා ලෙස පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

තුන්ඉරියව් වේගපන්දු යවන්නන් වන තිසර පෙරේරා හා දසුන් ශානක අතුරින් එක අයෙකු ක්‍රීඩා කරනු ඇති බවත් බොහෝ විට තිසර පෙරේරාට එම අවස්ථාව හිමිවනු ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

වමතින් දඟපන්දු යවන සචිත් පතිරණ හා මිලින්ද සිරිවර්ධන අතුරින් පසුගිය එක්දින තරඟාවලියේ දස්කම් දැක්වූ සචිත් පතිරණට එම අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ග්ලේන් මැක්ස්වෙල් සහ පීටර් නෙවිල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවයි සඳහන් වන්නේ.