Tuesday, December 24, 2024

General line - 0115112241

මහකොමසාරිස්ට එල්ලවූ ප්‍රහාරය ගැන අගමැති කතා කරයි




මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට පහරදීමේ සිද්ධිය රජය සම්පූර්ණයෙන්ම හෙළාදකින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින්.

එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේදී මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පසුගිය දා ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ බව දැක්වෙන වීඩියෝවක්ද අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.