Thursday, September 19, 2024

General line - 0115112241

සූර්ය බල සංග්‍රාමය ඇරඹෙයි




සූර්ය බල සංග‍්‍රාමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) ආරම්භ වුණා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද පස්වරුවේ පැවති එහි ජාතික උත්සවය ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මීට වසර 03 කට පෙර පොළොන්නරුවේ තමාගේ පුද්ගලික නිවසෙන් තමන් ආරම්භ කළ බවයි. ඒ ආදර්ශය තමන් ජනාධිපති වෙන්න පෙර සිට රටට ලබාදුන් බවද පැවසුවා.

මෙම සූර්ය බල ශක්ති උත්පාදනය ජනතාවගේ නිවාසවල සවිකරගැනීමෙන් පසු එහි බලශක්තිය නිවසට අවශ්‍ය ප්‍රමාණය ලබා ගත හැකියි. ඉතිරිය ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙනවා. ඒ වෙනුවෙන් ජනතාවට ගෙවීමක්ද ලබාදීමට විදුලිබල මණ්ඩලය ක්‍රියාකරනු ඇති.

ගෘහස්ථ සූර්ය බලාගාර දස ලක්ෂයක් ඉදි කිරීම, සූර්ය බල සංග‍්‍රාමයේ ප‍්‍රධාන අරමුණයි.