Friday, September 20, 2024

General line - 0115112241

20 – 20 ඉතිහාසයේ කිසිවෙකු නොකළ දෙයක් මැක්ස්වෙල්ගේ පිත්තෙන් ලෝක වාර්තාවක් වෙයි (VIDEO)



සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ඊයේ (06)පැවැත්වුනා.

මෙම තරඟයෙන් ලකුණු 85ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 263ක් ලබාගැනීමට සමත් වුණා.

මෙය විස්සයි විස්ස තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ කෙන්යාවට එරෙහිව ලකුණු 260ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 178ක් පමණයි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ ඉතිහාසයේ ලැබූ විශාලතම පරාජය වනවා.

තරඟය උඩු යටිකුරු කළේ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 63කින් ලබාගත් ශතකයයි.ඔහු එහිදී නොදැවී ලකුණු 145ක් ලබාගැනීමට සමත් වනවා.

මෙම ඉනිමට හතරේ පහර 14ක් සහ හා හයේ පහර 9ක් ඇතුළත් වුණා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස සිය පළමු ඉනිමේම ශතකයක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා වීමටද මැක්ස්වෙල් මෙහිදී සමත් වුණා.

මීට පෙර ලොව වැඩිම එක්දින හා විස්සයි විස්ස ලකුණු වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.එක්දින තරඟයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස  443ක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව පසුගියදා එංගලන්ත කණ්ඩායම විසින් බිඳ හෙලනු ලැබුවේ පකිස්ථානු කණ්ඩායමට එරෙහිවයි.ඒ ලකුණු 444ක් ලබාගනිමින්. ඒ අනුව පසුගිය දින 7දී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ ලෝක වාර්තා දෙකක් බිඳී ගියා.

ග්ලේන් මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිමේ වීඩියෝව පහතින් නරඹන්න.