Monday, December 23, 2024

General line - 0115112241

‘අවාසනාවන්තයා..ඊළඟ වතාවේ ට්‍රයි කරපං‘ – ෆින්ච්ගෙන් මැක්ස්වෙල්ට නෝන්ඩියක්



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවති විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 85ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කන්ඩායම සමත් වුණා.

මෙම තරඟයේදී සුපිරි ශතකයක් ලබා ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණා.

පන්දු 63කින් නොදැවී වාර්තා කළ 145ක් වූ ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහා හතරේ පහර 14ක් අන්තර්ගත වුණා.

ඔහුට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාෙවේ වාර්තාව අහිමි වූයේ ලකුණු 11කින්.

එම වාර්තාව තබා තිබෙන්නේ ආබාධයක් හේතුවෙන් මෙම තරඟාවලියෙන් ඉවත් වූ ඇරොන් ෆින්ච්.

2013 වසරේ එංගලන්තයට එරෙහිව ඔහු ලබාගත් ලකුණු 156 විස්සයි විස්ස තරඟ ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛයාවයි.

කෙසේ වෙතත් ඊයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තම සගයාගේ ඉනිමට සුභ පතන අතරේ ෆින්ච් යම් විහිලුවක්ද කර තිබුණා.

ඔහු එහිදි සිනාමුසු මුහුණින් පවසා තිබුණේ..අවාසනාවන්තයි..ඊළඟ වතාවේ උත්සහ කරමු යන්නයි.

එම ට්විටර් පණිවුඩය පහතින් නරඹන්න

78678686