Wednesday, January 8, 2025

General line - 0115112241

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සමකට දින නියම වෙයි




66 වන ජාතික නිදහස් දින සැමරුමේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන සැප්තැම්බර් මස පළමුවනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) දින නියම කළා.

මෙම පෙත්සමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්ථකතනයක් අපේක්ෂා කරන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හෝ ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ එය සලකා බැලීමටයි වැඩිදුරටත් තීරණය කෙරුණේ.

කැළණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් 03 දෙනෙකු විසින් පෙත්සම ගොනු කර තිබෙනවා.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි එහි දක්වා තිබෙන්නේ.