Friday, September 20, 2024

General line - 0115112241

ගුරු හිඟයට වසර දෙකක් ඇතුලත විසඳුම්




මාතර දිස්ත‍්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (04) සහභාගී වුණා.

රට පුරා පවතින ගුරු හිඟයට වසර දෙකක් ඇතුලත ස්ථිර විසදුමක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

මාතර දිස්ත‍්‍රික්කයේ සිදුවන කුඹුරු ඉඩම් ගොඩ කිරීම් සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අවධානය යොමු වුණා.

ජනාධිපතිවරයා කියා සිටියේ කිසියම් දිස්ත‍්‍රික්කයක කුඹුරු ඉඩම් ගොඩ කරන්නේනම් එහි වගකීම ගොවි ජන සේවා අධිකාරිය භාර ගත යුතු බවයි.

නිල්වලා ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම වලක්වා නිල්වලා ගඟ දෙපස රක්ෂිතයක් ප‍්‍රකාශයට පත් කිරීම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර නිසා සිදුවන පරිසර හානි මෙහිදී සාකච්ඡාවට ගැනුණු තවත් කරුණු කිහිපයක්.

13532934_10154172602986327_6166034138104458226_n