Friday, September 20, 2024

General line - 0115112241

‘මෙහෙම නෙමෙයි මේක විසඳන්න ඕන‘ – අම්මට බැනලා නීතියට කොටුවුණු කයිසර් ගැන ඉරාජ් කියන කතාව



කයිසර් කයිස් නම් ගායකයෙක් ප්‍ර‍සංගයකදී අසභ්‍ය වදන් ප්‍ර‍කාශ කළ වීඩියෝවක් සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.

මව්වරුන් මතක් කරමින් ඔහු කළ මෙම ප්‍ර‍කාශයට බොහෝ දෙනාගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ද ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් ප්‍ර‍වීණ ගායක කීර්ති පැස්කුවෙල් සහ ජානක වික්‍ර‍මසිංහ මොහුට විරුද්ධව කොහුවල පොලීසියේ පැමිණිල්ලක්ද දැමීමට කටයුතු කළේ අනාගතයේ මෙවැනි තත්ත්වයන් තවත් වර්ධනය වීමේ හැකියාවක් පෙනී යන බවත් කුණුහරුප සිංදුවලට දැන්ම වැට බැඳිය යුතු බවෙ පවසමින්.

කොහුවල පොලිසිය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමටද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ්ද සිය ෆේස්බුක් පේජය ඔස්සේ වීඩියෝවක් පළකර තිබුණා.

ඉරාජ් එහිදී සඳහන් කර තිබුණේ කුණුහරප සින්දු වලට වැට බැඳිය යුතු බවකි.එමෙන්ම කයිසර්ගේ සිදුවීම වරදක් වුවත් එයට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම නිවැරදි පිළිවෙත නොවන බවත් ඉරාජ් පවසා තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.