Friday, September 20, 2024

General line - 0115112241

උපදින්නේ කෙල්ලෙක් – කේන්දරකරුගේ ආනාවැකියක් නිසා ලේලියගේ බඩට නැන්දම්මා ‘ඇසිඩ් වත් කරලා‘



කේන්දරකරුවෙකු කී අනාවැකියක් නිසා සිය ලේලියට ඇසිඩ් ප්‍ර‍හාරයක් එල්ල කළ නැන්දම්මෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

සිය ලේලියගේ කුසේ සිටින්නේ ගැහැණු දරුවෙකු බව කේන්දරකරුවෙකු කී අනාවැකිය නිසා මෙම නැන්දම්මා ගැබිණියක වූ ලේලියගේ කුසට ඇසිඩ් වත්කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඇයව රෝහල් ගතකර තිබෙන බවත්,ඇයගේ සිරුරෙන් 30% පමණ පිලිස්සී ඇති බවත් සඳහන් වනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ගිරිජා නම් 27 හැවිරිදි කාන්තාවක්.ඇයට මේ වන විටත් මාස 18ක් පමණ වන ගැහැණු දරුවෙකු සිටින බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් මෙම තරුණියගේ නැන්දම්මා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැඩි සංස්කෘතික හා ආගමික වටපිටාවක ජීවත් වන ඉන්දියානුවන් අදටත් සිතන්නේ ගැහැණු දරුවන් පවුලකට නොවටිනා බවකි.

ඡායාරූප පහතින් නරඹන්න.

3801088000000578-0-image-a-2_1473233394995

3801086500000578-0-image-a-1_1473233386258

3801086900000578-0-image-a-3_1473233399718

3801087100000578-0-image-a-4_1473233405642

3801087500000578-0-image-a-5_1473233412598