Friday, December 27, 2024

General line - 0115112241

සභාපති විනිසුරු දුමින්ද නිදහස් කරයි! භාරත නඩු තීන්දුව මෙන්න




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු සිව් දෙනෙකු 2011 වර්ෂයේ ඔක්තොම්බර් මස 8 වන දින මුල්ලේරියාව ප්‍රදේශයෙදී ඝාතනයකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා  ඇතුලු විත්තිකරුවන් 5 දෙනෙකුට කොළඹ මහාධිරණය අද (08) මරණ දන්ඩනය නියම කළේය.

මහාධිකරනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අතරින් විනිසුරු පද්මිණී එන්. රණවක සහ එම්.සි.බි.එස්. මොරායස් යන විනිසුරුවරුන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක් වරදකරුවන් බව ප්‍රකාශ කළාය.

නඩුවේ පළමු වැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මෙල්, තෙවැනි විත්තිකරු චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත් වැනි විත්තිකරු  සරත් බණ්ඩාර,නඩුවේ 10 වැනි විත්තිකරු ජනක බණ්ඩාර ගලගොඩ සහ 11 වන විත්තිකරු  දුමින්ද සිල්වා යන අයට මෙලෙස මරණ දණ්ඩනය හිමි විය.

ඒ අනූව විත්තිකරුවන්ට එරෙහිව චොදනා  පැමිනිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයකචුදිතයන් ප්‍රාණය නිරුද්ද වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ නියෝග කළේය.

මෙම නඩුවේ  11 වන විත්තිකරු වු දුමින්ද සිල්වා යන අයගේ ප්‍රචන්ඩකාරී හැසිරීම සහ ඔහු සැපයු නායකත්වයෙන් මෙම සිදු වීම සිදු වී ඇති බවට පද්මිණි එන්.රනවක මහත්මිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය. අධිකරන වෛදය වාර්තා අනූව දුමින්ද සිල්වා මත් පැන් පානය කර ඇති බවටත් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතා මත් පැන් පානය කර නොමැති බවට අනාවරණය වී ඇති බවට විනිසුරුවරිය ප්‍රකාශයට පත් කළ අතර දුමින්ද සිල්වා ගේ නායකත්වය මෙම සිද්ධියට හේතු වී ඇති බවට තීන්දු කළේය.

නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණමාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතා ඇතුලු සිව් දෙනෙකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කිරීම, ජන්ද දායකයන් හට ගිනි අවිභාවිත කරමින් සාපරාධි බිය ගැන්වීම, නීති විරොධී රැස් වීමක සාමජිකයින් වීම ඇතුලු චොදනා 10 කට වරදකරුවන් කර රුපියල් 40,000 බැගින් වු දඩ මුදලක් ද ගෙවීමට නියෝග කළේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් සියලු චෝදනාවලින්නිදොස් කොට නිදහස් කළේය. නඩුවේ සාක්ෂිකරුවන් වු විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර බවට ඔහු තීන්දු කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට මරණ දඬුවම නියම විය.

විතානලාගේ අනුර තුෂාර ද මෙල්, හෙට්ටි කංකානම්ලාගේ චන්දන ජගත් කුමාර, පතිරණගේ චමින්ද රවී ජයනාත්, කොඩ්ප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ, අරුමාදුර ලෝරන්ස් රෙමොලෝ දුමින්ද සිල්වා, රෝහන මාරසිංහ, නාගොඩ ලියනාරච්චි ශාමින්ද යන 13 දෙනා මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට ඇත.

මෙම නඩුවේ 10 වන විත්තිකරු වන ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ යන අය අධිකරනය මග හැර ඇති පුද්ගලයකු ලෙස සලකා ඔහු නොමැතිව නඩු විභාගය ආරම්භ කරන ලදි.

2011 වර්ෂයේ ඔක්තොම්බර් මස 8 වන දින මුල්ලේරියාව ප්‍රදේශයෙදී හිටපු ජනාධ්පතිවරයාගේ උපදේෂකයකු ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රමහතා ඇතුලු හතර දෙනෙකු වෙඩ් තබා ඝාතනය කොට තවත් කිහිප දෙනෙකුට තුවාල කිරීමේ චෝදනා වලට නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඈතුලු 13 කුට එරෙහිව කොළඹ මහාධිකරනයේ මෙම නඩුව පවරා තිබුණි.

ජන්ද දායකයන් හට ගිනි අවි භාවිත කරමින් සාපරාධි බිය ගැන්වීම, නීති විරොධී රැස් වීමක සාමජිකයින් වීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනී මැරීම ඇතුලු අධිචොදනා 17 නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට නගා තිබුණි.

මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වර්ෂ 2015 සැප්තැම්බර් 12 දා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දින පතා විභාගයට ගැනීම ආරම්භ කරන ලදි. ඒ සදහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 42 කු නීතිපතිවරයා කැදවා තිබුණු අතර රස පරික්ෂකවරයාගේ වාර්තා සහ අධිකරන වෛදයවරයාගේ වාර්තා ඇතුලු ලේඛණ 126 ක් නඩු භාණ්ඩ ලෙස නම් කොට තිබුණි.