Tuesday, April 23, 2024

General line - 0115112241

කරදරකාරයින්ටත් තිබහට වතුර දෙන මනුස්සකම (PHOTOS)




මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය මිනිසාට මෙන්ම වන සතුන්ටද දැඩිව දැනී ඇත.

මාදම්පේ පනිරෙන්දාව වනාන්තරය තුළ ජීවත් වන රිලවුන්ට අවශ්‍යය ජලය සහ ආහාර ලබා දීම කාන්තාවක් විසින් දිනපතා සිදු කරන බවක් දක්නට ඇත. ගෙනවිත් තබා ඇති ප්ලාස්ටික් බේසමකට ඇය පිටතින් ගෙනවිත් ඇති ජලය වත්කරන ආකාරය දක්නට ලැබුණි.

තමන් විසින් දිනපතා පැමිණ පනිරෙන්දාව වනාන්තරය තුළ ජීවත් වන රිලවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබා දීම සිදු කරන බවත්, එය දැක එම ස්ථානයට පැමිනෙන සුනඛයින්ටද ආහාර ලබා දීම සිදු කරන බව ඇය කියා සිටී.

chilaw-www-nethnews-lk00001 chilaw-www-nethnews-lk00002