Friday, September 20, 2024

General line - 0115112241

ඩිල්ෂාන් අවසන් පුහුණු සැසියේ : මාලිංගත් එකතු වේ – හෙට තරඟයට මාලිංගත්? (PHOTOS)



සංචාරක ඕස්ට්‍රේලියා කන්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.

1 – 0 ක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකා කන්ඩායමට තරඟාවලිය සම කිරීමට නම් හෙට තරඟය ජයග්‍ර‍ණය කළයුතු වනවා.

හෙට තරඟය තිලකරත්න ඩිල්ෂාන් ගේ අවසන් විස්සයි විස්ස තරඟයයි.

ඩිල්ෂාන් අද සිය අවසන් පුහුණු සැසියට සහභාගී වුණා.

ලසිත් මාලිංගද මෙම පුහුණු සැසියට සහභාගී වී සිටියා

කෙසේ වෙතත් හෙට තරඟය සඳහා ලසිත් මාලිංග සහභාගී වනවාද නැද්ද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

නමුත් පසුගිය දිනෙක ඔහු ප්‍ර‍කාශ කර තිබුණේ කකුල කඩාගෙන හෝ ඩිල්ෂාන්ගේ අවසන් තරඟය ක්‍රීඩා කර ජයග්‍ර‍ණයට උර දීමට තමා සූදානම් බවය.

14192512_1912916108739587_3979344001334324486_n

14192618_1912916425406222_1964606143496830551_n

14203322_1912916708739527_2257269970027312851_n

14224845_1912916618739536_5207391562405146129_n

14225340_1912916392072892_7720975935379716175_n

14232420_1912916095406255_964080727778544248_n

14232600_1912916092072922_2936316158354319000_n

14264907_1912916438739554_8894979527167288686_n