Friday, September 20, 2024

General line - 0115112241

සංගාට මහේලට සනත්ට මුරලිට අත්වූ ඉරණම ඩිල්ෂාන්ටත් අත්වෙයිද?



සංචාරක ඕස්ට්‍රේලියා කන්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි.

2009 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ වීරයා වෙමින් ශ්‍රී ලංකාව එහි අවසන් තරඟයට ගෙන එමේ නියමුවා වූ, වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස පිටියේ ඔසවා තැබූ තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් විස්සයි විස්ස තරඟය මෙයයි.

නිමාවූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලියේ 3වන තරඟයේදී ඩිල්ෂාන් ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන්නා.

කෙසේ වෙතත් එම තරඟය ශ්‍රී ලංකා කන්ඩායමට පරාජයට පත්වීම හේතුවෙන් ඩිල්ෂාන්ට සතුටින් සමුගැනීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතම ක්‍රීඩකයන්ටත් තම අවසන් එක්දින තරඟය වාසනාවන්ත එකක් නොවූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

සනත් ජයසූරිය,මුත්තයියා මුරලිදරන් ,කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධනද ක්‍රීඩා කළ අවසන් එක්දින තරඟය පරාජය පත්වුණා.

නමුත් විස්සයි විස්ස තරඟ ඉතිහාසය නිරීක්ෂණය කරන විට එය සම්පූර්ණ වෙනස් වී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

සනත් ජයසූරිය,මුත්තයියා මුරලිදරන් ,කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධන ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරඟය ජයග්‍ර‍ණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරිතම ක්‍රීඩකයෙක් වන ඩිල්ෂාන්ටත් අද ජයග්‍ර‍ණයකින් සිය අවසන් ක්‍රිකට් ඉනිම නිමා කළ හැකිවෙයිද?