කිසිදු විදේශ බලවේගයකට දේශයේ ස්වාධිපත්‍යය සහ ජනතාවගේ පරමාධිපත්‍ය යටත් කර ගැනීමට ඉඩ නොතබමි යන්න එක්සත් ජාතික පක්‍ෂයේත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේත් එකම සටන් පාඨය වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
බොරැල්ල කැම්බල්පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ 70 වන සංවත්සර උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.
“බොහොම පැහැදිලියි තමුන්නාන්සේලාගේ මැතිවරණ ප්‍රකාශණය. ඉතා පැහැදිලි ලෙස තමුන්නාන්සේලා කියනවා කිසිදු විදේශීය බලවේගයකට දේශයේ ස්වාධිපත්තිය සහ ජනතාවගේ පරමාධිපත්තිය යටත් කිරීමට , හෑල්ලු කිරීමට හෝ බලපෑම් කිරීමට ඉඩ නොදීම කියලා. ගිය ඉරිදා කුරුණෑගල පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදීත් සම්මත වූයේ මෙවැනිම යෝජනාවක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයටත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මේ සටන් පාඨය තුළ එකට හිටගෙන මේ රට ගොඩනගන්න පැහැදිලිවම පුළුවන් කමක් තියෙනවයි කියන එක මම සියළුදෙනාට මතක්කරනවා”.
මෙම සංවත්සර උත්සවයට තමන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදි අදහස් දැක්වුවා.
“2015 ජනවාරි 8 වෙනිදා පැවති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ , විවිද සංවිධාන එදා පොදු අපේක්ෂකයා වශයෙන් මාව තෝරගෙන මේ රටේ ජනතාවගේ හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් මා වෙත ලබාදී ඒ හැට දෙලක්ෂ පනස්දාහෙන් වැඩි කොටස හිමි එක්සත් ජාතික පක්ෂයේ මේ 70 වෙනි සමුළුවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව මා ඔබ සියළුදෙනාට මගේ ගෞරවණිය ස්තූතිය මා පුදකරනවා”.
අලුත් රටක ඉදිරියට යන්න හිතන අය එන්න තේමාව යටතේ පැවති මෙම සංවත්සර උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක නායකයන්ද එක්ව සිටියා.